ප්‍රශ්න සහ පිළිතුරු

අපගෙන් නිතර අසන ප්‍රශ්න පිළිබඳව දැනුවත් වන්න

eChannelling යනු ශ්‍රී ලංකාව පුරා ඇති ප්‍රමුඛ පෙළේ රෝහල්වල ඔබට අවශ්‍ය වෛද්‍යවරයා වෙන්කරවා ගැනීමට ඔබට ඉඩ සලසන සේවාවකි. දිවයින පුරා රෝහල් 260කට අධික සංඛ්‍යාවක 5,500කට අධික වෛද්‍යවරුන්ගෙන් සමන්විත අපගේ ජාලය ඔබට ඕනෑම ආකාරයකින් සහය වීමට සූදානම්.

ඔබට අවශ්‍ය රෝහල තිබේද යන්න පරීක්ෂා කිරීමට ඔබට අපගේ රෝහල් ජාලය  පිළිබඳ ලැයිස්තුව වෙත යොමු විය හැක.

                  • ඔබට ඕනෑම ජංගම දුරකථන ජාලයකින් 225 හෝ ඔබේ SLT දුරකථනයෙන් 1225 ඇමතීමට හැකිය.
                  • අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න  www.echannelling.com
                  • Google play store හෝ App Store වෙතින් “eChannelling” ජංගම යෙදුම බාගතකර ගන්න.
                  • eChannelling සමඟ හවුල් වී ඇති ඕනෑම ෆාමසියකින්.
                  • eChannelling ජාලයට සම්බන්ධ දිවයින පුරා පිහිටි බැංකු සහ තැපැල් කාර්යාල වෙත පැමිණීමෙන් (බැංකු ලැයිස්තුව)

ජංගම යෙදුම Google Play store හෝ App store හරහා බාගත කළ හැක.

ඔබට පහත ඕනෑම විකල්පයක් භාවිතා කළ හැකියි.

                      • විකල්ප 01 : වෛද්‍යවරයාගේ මුල් නම ටයිප් කර සොයන්න හෝ
                      • විකල්ප 02 : රෝහල තෝරා සොයන්න හෝ
                      • විකල්ප 03 : වෛද්‍යවරයාගේ විශේෂීකරණය තෝරා සොයන්න.

ඕනෑම ක්‍රමයක් මඟින් ඔබ කැමති වෛද්‍යවරයා සෙවීමට සහ තෝරා ගැනීමට ඔබට ඉඩ සලසයි.

                      • එවිට ඔබ කැමති දිනය සහ වෛද්‍යවරයාගේ සැසිය තෝරාගත යුතුය.
                      • රෝගියාගේ විස්තර ඇතුළත් කරන්න.
                      • කැමති ගෙවීමේ ක්‍රමය තෝරාගෙන ඉදිරියට යන්න.

මතක තබා ගන්න: හමුවීම කල් ඉකුත් වීමට පෙර ගනුදෙනුව සම්පූර්ණ කිරීමට ඔබට උපරිම මිනිත්තු 15ක් ලබාදී ඇත.

ගෙවීම සිදු කළ පසු, eChannelling වෙතින් පහත සඳහන් පරිදි ඔබ විසින් සපයන ලද ජංගම දුරකථන අංකයට තහවුරු කිරීමේ SMS එකක් ලැබෙනු ඇත.

Ref No Xxxxxxxx
වෛද්‍යවරයා වෛද්‍යවරයාගේ නම
අංකය හමුවීම් අංකය
රෝහල රෝහලේ නම
දිනය සැසි දිනය
වෙලාව සැසි කාලය ( වෛද්‍යවරයා පැමිණෙන වේලාව අනුව කාලය වෙනස් විය හැක. )
                    • ආපසු ගෙවීමක් හෝ අවලංගු කිරීමක් සිදු නොවේ!
                    • ඔබට රෝහලේදී පෙන්විය යුතු රිසිට්පතක් වෙබ් අඩවියෙන් ලැබෙනු ඇත.
                    • ඔබට channel history button එක හරහා සාර්ථක හමුවීම් ගණන පරීක්ෂා කළ හැක.
                  • කොළඹ රෝහල් සඳහා බදු ඇතුළුව රුපියල් 399ක්.
                  • කොළඹින් පිටත රෝහල් සඳහා බදු ඇතුළුව රුපියල් 199ක්.

රෝහල් ගාස්තු සහ වෛද්‍ය ගාස්තු රෝහල සහ වෛද්‍යවරයා අනුව වෙනස් විය හැක.

වෙබ් අඩවිය

                  • බිල්පතට එකතු කරන්න (Mobitel) දැනට Mobitel mCash.
                  • ඕනෑම Credit/Debit කාඩ්පතක් – Visa, Mastercard හෝ AMEX කාඩ්පතක් පිළිගනු ලැබේ.

eZ  Cash හරහා

Sampath Vishwa හරහා

FriMi හරහා

ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා 225 අමතන්න (Mobitel, Dialog , Airtel සහ Hutch).

                  • ගෙවීම සඳහා පෙරගෙවුම් ජංගම දුරකථන ගිණුමක් භාවිතා කරන විට, ඇමතුම් ගාස්තු ඇතුළුව පෙරගෙවුම් ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් ඇති බවට වග බලා ගන්න.

SLT ස්ථාවර දුරකථන හරහා 1225 අමතන්න.

                  • හමුවීමක් වෙන්කරවා ගැනීමේ මුදල මාසික ස්ථාවර දුරකථන බිල්පතට එකතු කරනු ලැබේ. අගය එකතු කළ සේවාවන් සඳහා SLT විසින් වෙන් කරන ලද ගිණුමේ ප්‍රමාණවත් මුදල් තිබේ නම් ගනුදෙනුකරුවන්ට හමුවීම් වෙන් කරගත හැකිය.

දිවයින පුරා ඇති Mobitel අලෙවිසැල්

                  • මුදල් සහ කාඩ්පත් ගෙවීම්

SLT ප්‍රාදේශීය කාර්යාල සහ දිවයින පුරා අලෙවිසැල්

                  • මුදල් සහ කාඩ්පත් ගෙවීම්

දිවයින පුරා තැපැල් කාර්යාල

  • මුදල් ගෙවීම්

ඔබ No Show Refund සඳහා ඉල්ලුම් කර ඇත්නම් මිස ඔබට eChannelling හරහා කරන ලද හමුවීමක් අවලංගු කර මුදල් ආපසු ලබා ගත නොහැක (කරුණාකර No Show Refund විකල්පයේ නියමයන් සහ කොන්දේසි බලන්න).

කෙසේ වෙතත්, වෛද්‍යවරයා තම උපදේශන සැසිය රෝහලේදී ආරම්භ කිරීමට පෙර ඔබට රෝහලෙන් හමුවීමේ වෙනසක් ඉල්ලා සිටිය හැක. ඔබට ඒ පිළිබඳව විමසීමට රෝහල අමතා, අවලංගු කිරීම ඉල්ලා සිටීමට රෝහලේ චැනලින් කවුන්ටරය වෙත පිවිසිය හැක. (රෝහලේ දුරකථන අංකය ඔබේ චැනල් රිසිට්පතේ දක්වා ඇත).

හමුවීමක් වෙන්කරවා ගැනීමේ විස්තර චැනල් ඉතිහාසයේ ඇත. එම ක්‍රමය භාවිතා කිරීමෙන් ඔබට එය නැවත ලබා ගැනීමට හැකි වනු ඇත.

හෝ

ඔබගේ දුරකථනයට කෙටි පණිවුඩය නොමිලේ ලබා ගැනීමට 0710225225 හරහා eChannelling පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට කතා කරන්න.

                  • ඔබේ නිවසටම බෙහෙත් ගෙනත් දීමට අපට හැකියාව ඇත. මෙය ඔබට සාධාරණ මුදලකට බෙහෙත් එවීමෙන් ඔබට වටිනා කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමටයි.
                  • අපි වෛද්‍ය පරීක්‍ෂණ ද සපයන්නෙමු. මේ සඳහා eChannelling හරහා රෝහල සමඟ ලියාපදිංචි විය යුතුය.
                  • රෝගියෙකු හට dialysis හරහා රුධිරය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ද සිදු කල හැක.

නැත. ඔබට අවම වශයෙන් සැසි වේලාවට විනාඩි 30කට පෙර බිල්පත පියවීමට සිදුවේ. මුදල නොගෙවීම ඔබගේ හමුවීම අවලංගු වීමට හේතු වේ.

දිවයිනේ ඕනෑම Mobitel හෝ SLT eChannelling නියෝජිතයෙකු වෙත පැමිණීමෙන් ඔබට ACB බිල්පත ගෙවිය හැකිය.

ඉතුරු මුදල රෝහලට ගෙවිය නොහැකියි. ඔබ eChannelling හරහා හමුවීම වෙන්කරවා ගෙන තිබේ නම් ඕනෑම ගෙවීමක් eChannelling වෙත ගෙවිය යුතුය.

නැත, මෙම ක්‍රමය ඇත්තේ තෝරාගත් රෝහල්වල තෝරාගත් වෛද්‍යවරුන් සඳහා පමණි.

ඔබට ඇති ඕනෑම විමසීමක් සම්බන්ධව ඔබට උපකාර කිරීමට අපි සතුටු වන්නෙමු.

                    • ඔබට info@echannelling.com වෙත විද්‍යුත් තැපෑලක් යැවීමට හෝ
                    • 0112 502 225 ඇමතීමට හැක.
                    • ඔබ 225 ඇමතුම් මධ්‍යස්ථානය හරහා හමුවීමක් වෙන් කිරීම සිදු කර ඇත්නම් හෝ වෙබ් අඩවිය හරහා බිල්පතට එකතු කිරීම තෝරාගෙන තිබේ නම්, කරුණාකර 225 හරහා අදාළ ජංගම දුරකථන ක්‍රියාකරුවන් අමතා විස්තර විමසන්න.

ඔබට වෙබ් අඩවියේ කිසියම් දුෂ්කරතාවයක් ඇත්නම්, 0710 225 225 ඇමතීමට පසුබට නොවන්න. ඔබ උදේ 8.30 සිට සවස 5.00 දක්වා ඇමතීම වඩාත් සුදුසුය.